යේසුස්වහන්සේට භාර වීම
1951 දී ජෝසප් ස්ටාර්ලින්ගේ වෛද්‍යවරයා ඔහුට අවවාද කරමින් කියා සිටියේ ඔහුගේ සෞඛ්‍යය රැක ගන්න නම් අධික වැඩ අඩුකරන්න කියාය. සෝවියට් දේශයේ පාලකයා, වෛද්‍යවරයා චරපුරුෂයෙක් ලෙසට චෝදනා කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කීවේය. බොහෝ අයට බොරුවෙන් පීඩා කළ කුරිරු පාලකයාට සත්‍යය දරා ගැනීමට නොහැකි විය. ඔහු විසින් බොහෝ විට කළ පරිදි සත්‍යය කථා කළ අයව ඔහු පහ කළේය. කෙසේ වෙතත් සත්‍යය ජය…
වාසනාවන්ත “බූට්” සපත්තු
ප්‍රමාද වැඩියි! ටොම්ට ඔහුගේ සටන් සපත්තු වලට යටින් බය උපදවන “සියුම් ශබ්දයක්” දැනුණි. සහජයෙන්ම, ඔහු ක්ෂණයකින්ම පැන්නේය. පොළව යට සඟවා තිබූ මාරාන්තික උපකරණය පුපුරා ගියේ නැත. පසුව පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කණ්ඩායම විසින් එම ස්ථානයේ තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රාත්තල් අසූවක් සොයා ගන්නා ලදී. පළඳින්න බැරි තත්වයකට පැමිණෙන තුරු ටොම් එම බූට් සපත්තු පැළඳ සිටියේය. “මගේ වාසනාවන්ත බූට් සපත්තු” යැයි ඔහු…
යේසුස්වහන්සේව අනුගමනය කිරීම අගනේය
රොනිට් පැමිණියේ ආගමික නමුත් ක්‍රිස්තියානි නොවන පවුලකින්. අධ්‍යාත්මික කාරණා පිළිබඳ ඔවුන්ගේ සාකච්ඡා වියළි හා ශාස්ත්‍රීය විය. “මම හැම යාච්ඤාවක්ම දිගටම යාච්ඤා කළෙමි, නමුත් මට දෙවියන්වහන්සේගෙන් පිළිතුරක් ලැබුණේ නැත” කියා ඇය කීවාය.
ඇය බයිබලය අධ්‍යනය කිරීමට පටන් ගත්තාය. සෙමින්, ස්ථාවරව, ඇය ගැළවුම්කරු ලෙස යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට යොමු විය. රොනිට් මෙම අවස්ථාව ගැන තමාගේම වචන වලින් මෙසේ පවසයි: “මට මගේ හදවතේ පැහැදිලි…
මා කවුද?
කිසොම්බෝ ඔහුගේ ජීවිතයේ විශාල ප්‍රශ්න ගැන කල්පනා කරමින්, ගිනිමැල දෙස බලා සිටියේය. මා ඉටු කර ඇත්තේ කුමක්ද? යැයි ඔහු සිතුවේය. ඉතා ඉක්මනින් පිළිතුර පැමිණියේය: ඇත්තෙන්ම, ගොඩාක් දේවල් නොවේ. ඔහු නැවතත් ඔහු උපන් දේශයට පැමිණ, වැසි වනාන්තරයේ අභ්‍යන්තරයේ ඔහුගේ පියා ආරම්භ කළ පාසලේ සේවය කළේය. සිවිල් යුද්ධ දෙකකින් මරණයෙන් බේරී තම ජීවිතය ගලවා ගත් තම පියාගේ බලවත් කතාව ලිවීමට ද ඔහු…
සෑම දෙයක්ම නැතිවීම
කාලය ඊට වඩා අයහපත් නොවිය හැකිය. පාලම්, ස්මාරක සහ විශාල ගොඩනැගිලි සාදා කුඩා වස්තුවක් එකතු කර ගත් පසු සීසර් අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට බලාපොරොත්තු තබා ගෙන සිටියේය. ඒ හෙයින් ඔහු තම පළමු ව්‍යාපාරය විකුණා බැංකුවේ මුදල් තැන්පත් කළේ එය ඉක්මණින්ම ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙනි. ඒ සුළු කාලය අතරතුරදී ඔහුගේ රජය පුද්ගලික බැංකු ගිණුම් වල තිබූ සියලු ගිණුම් රාජ සන්තක කළේය. ක්ෂණයකින්…
සාක්‍ෂිකරුවන්
සාක්‍ෂිකරුවන් යන ඔහුගේ කාව්‍යයේ හෙන්රි වර්ඞ්ස්වර්ත් ලෝංෆෙලෝ (1807-1882) ගිලුණු වහල් නැවක් ගැන විස්තර කරයි. ඔහු “දම්වැල් වලින් බැඳ තිබූ ඇටසැකිලි” ගැන විස්තර කරද්දී වහල්කමේ අසිමිතවූ නිර්නාමික වූ වින්දිතයන් ගැන ලෝංෆෙලෝ වැලපේ. අවසන් පදය පවසන්නේ “මේ වහලුන්ගේ අඳෝනාය/ ඔවුහු පාතාලයේ සිට රවා බලති / ඔවුහු නොදන්නා සොහොන්වල සිට මොරගසති / අපි සාක්‍ෂිකාරයෝ වන්නෙමු” කියාය.
මේ සාක්‍ෂිකරුවන් කථා කරන්නේ කාටද? එවැනි නිසල…
දීර්ඝ ක්‍රීඩාව
ඩේවිඩ්ගේ රටෙහි යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට පීඩාවන් ඇති වූ අතර ඔවුන්ගේ ගොවිපළ වල සතුන්ද මරණයට පත්වූහ. තමන්ගේ ජීවත් වීමේ මාර්ගය නැතිවූ හෙයින් ඩේවිඩ්ගේ පවුල විවිධ රටවලට විසිර ගියහ. වසර නවයක් තම පවුලෙන් ඈත්ව ඔහු සරණාගත කඳවුරක සිටියේය. දෙවියන්වහන්සේ ඔහු සමග සිටින බව ඔහු දැන සිටියත් වෙන්වීමේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් මිය ගියහ. ඔහු කලකිරීමට පත්වූහ.
බොහෝ කලකට පෙර තවත් මනුෂ්‍ය කණ්ඩායමක්…
නිවැරදි යමක් කිරීම
සිරගතව සිටි ජේසන්ගේ ලිපියෙන් අපි මවිත වීමු. අපි ආබාධිත අයට සේවය කළ හැකි සුනඛ පැටව් හදා වඩා ගන්නෙමු. එවැනි එක් සුනඛ පැටියෙක් ඊළඟ පුහුණු පාඩම් මාලාව සඳහා සුදුසුකම් ලබා තිබුණ අතර එය ක්‍රියාත්මක කළේ එවැනි සුනඛයන් පුහුණු කිරීමට ඉගෙන ගෙන තිබූ සිරකරුවන් අතිනි. ජේසන්ගේ ලිපියෙන් ඔහුගේ අතීතය ගැන ඔහු දුක් වන බව පවසා තිබුණි. නමුත් ඊළඟට ඔහු ලියා තිබුණේ “මා…
පහසු මුදල්
1700 අගභාගයේදී තරුණයෙක්ට නෝවා ස්කොටියාහී ඕක්ලන්ඩ් දූපතේහි අභිරහස් ගැඹුරු විවරයක් සොයා ගත්තේය. නැව් මංකොල්ල කාරයන් හෝ කැප්ටන් කිඩ්ම හෝ එහි වස්තුව සඟවා තබන්න ඇතැයි සිතූ ඔහු මිතුරන් කිහිප දෙනෙක් සමග එය කැණීම ආරම්භ කළේය. ඔවුන්ට කිසි වස්තුවක් නොලැබුණි. නමුත් එම කටකථාවට ඊටම ආවේණික ජීවයක් ලැබුණි. සියවස් ගණනාවක් පුරා අන් අයද එහි කැණීම් කරමින් බොහෝ කාලයක්ද මුදල්ද වැය කළහ. දැන් එම…
සොරා ගන්නා ලද දෙවිවරු
කැටයම් කළ ලී රූපයක් - ගෘහ දෙවියෙක් - එකුවා නම් කාන්තාවකගෙන් සොරකම් කර ඇති නිසා ඇය එය බලධාරීන්ට දන්වා සිටියාය. ඔවුන් පිළිමය සොයා ගත් බව විශ්වාස කළ පොලිස් නිලධාරීන් එය හඳුනා ගැනීමට ඇයට ආරාධනා කළෝය. “මේ ඔබගේ දෙවියන්ද?” කියා ඔවුන් ඇසුවෝය. ඇය හැඟීම් බරව “නැහැ, මගේ දෙවියන් ඊට වඩා විශාලයි සහ ඊටත් වඩා ලස්සනයි” යැයි කීවාය.
මිනිසුන් තම දේවත්වය පිළිබඳ…